එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, සෑම පුද්ගලයෙකුටම නිවසක හිමිකම ලබාදීම එහි අරමුණ බවයි.
ප්‍රමුඛතාව මත අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද, ඔහු සඳහන් කළේ ය.
මේ වන විට සුව පහසු නිවාස හිමිකමක් නොමැති පුද්ගලයින් මිලියනයකට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබේ.
ඉන්, 65,000 ක් සිටින්නේ කොළඹ නාගරික සීමාවේ යි.
ජන හා නිවාස සංගණනයේ ද, දත්ත පදනම් කරගනිමින් අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති දියත් කරන බව, ලේකම්වරයා සඳහන් කළේ ය.