COLOMBO (News 1st) -
පවතින වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ 33 ක් වාන් දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ළහිරුණි ජයතිලක මහත්මිය සඳහන් කළේ, ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 87%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
බස්නාහිර , සබරගමුව, සහ මධ්‍යම පළාත් වල ඇතැම් ස්ථානවලට මෙන්ම ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු , නැගෙනහිර , උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට තරමක තද සුළං ද ඇති විය හැකි බවයි.
තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි .