වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 03-01-2025 | 6:37 AM

COLOMBO (News 1st) -උතුරු , උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද(03) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේත් අම්පාර හා හමබ්න්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව ,සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අවසන් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ අණාවැකියේ සඳහන් ය.

උතුරු නැගෙනහිර උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝ මීටර් 30 ත් 40 ත් දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.