රු.බිලියන 30ක විශ්‍රාම පාරිතෝෂික ගෙවා නෑ..

රුපියල් බිලියන 30ක විශ්‍රාම පාරිතෝෂික ගෙවා නෑ.. ගෙවීම් කඩිනම් කිරීමට නව වැඩපිළිවෙලක්..

by Staff writer 03-01-2025 | 6:54 AM

COLOMBO (News 1st) -රුපියල් බිලියන 30ක පමණ විශ්‍රාමික පාරිතෝෂික හා හිඟ විශ්‍රාම වැටුප් ගෙවා නොමැති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් විශ්‍රාමිකයින් ලක්ෂ 6ක් පමණ පීඩාවට පත්ව සිටින බවයි.

ඇතැම් විශ්‍රාම වැටුප් හිඟයන් 1992 වසරේ සිට පවතින බවද ඔහු කියා සිටියේ ය.

මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ, හිඟ පාරිතෝෂික හා හිඟ විශ්‍රාම වැටුප් කඩිනමින් ඔවුන්ට ලබාදීමට සැලසුම් සකස් කරමින් පවතින බවයි.

ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබේ.

පසුගිය ආණ්ඩු කිහිපයක් විසින් මග හැර තිබූ රජයේ විශ්‍රාමිකයින්ගේ පාරිතෝෂික ගෙවීම කඩිනම් කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් බවද මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේ ය.