හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර රන්මුණිට ඇප...

නිලන්ති කොට්ටහච්චිට ලිංගික බලපෑමක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර රන්මුණිට ඇප...

by Staff writer 03-01-2025 | 9:06 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර රන්මුණි මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(03) නියෝග කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේ, සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි.

මිල්ලනිය බටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේදී අද පෙරවරු 10.00 ට පමණ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර රන්මුණි මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කළ ප්‍රකාශයක් මගින් නීතිඥ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරියට ලිංගික බලපෑමක් කිරීම සම්බන්ධයෙන් ඔහු  අත්අඩංගුවට ගත් බවයි.

ඇය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද කළේ ය.