COLOMBO (News 1st) - සියලු පාසල්වල තුන්වැනි වාරයේ දෙවන අදියර අද(02) ආරම්භ වේ.
ඒ, දින 39ක දීර්ඝ පාසල් නිවාඩුවකින් අනතුරුවයි.
රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර පසුගිය නොවැම්බර් 22 වැනි දා අවසන් විය.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, සියලුම පාසල්වල තෙවන පාසල් වාරය ජනවාරි 24 වන සිකුරාදා දින අවසන් වන බවයි.
ඉන් අනතුරුව ජනවාරි 27 වන දින සිට ආරම්භ වන්නේ, 2025 වසර සඳහා වන පාසල් වර්ෂයයි.
මේ අතර 2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබේ.
රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුව ද ලබන වසරේ දී එය දින 181ක් දක්වා අඩු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.