COLOMBO (News 1st) - 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින්ගේ තොරතුරු පොලීසිය වෙත භාරදීම මේ වනවිට ආරම්භ කර තිබේ.
ජාතික මැතිවරණ කොමිසමේ සභාපති R.M.A.L රත්නායක මහතා සඳහන් කළේ, එය දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බවයි.
මේ වනවිට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ඊට අදාළ ලිපි ගොනු පොලීසිය වෙත භාරදීමේ ක්‍රියාවලිය සිදුවන බව සභාපතිවරයා සඳහන් කළේ ය.
ඒ අනුව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් නඩු පැවරීමේ කටයුතු සිදු කරනු ඇති.