COLOMBO (News 1st) - අදත්(02) දිවයිනේ මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලක් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.
එමෙන්ම උතුරු, නැගෙනහිර, උතුරුමැද , වයඹ සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පැවසීය.
මේ අතර අධික වැසි හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 4ක් ඊයේ(01) පස්වරුවේ අඩි දෙක බැගින් විවෘත කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ හේතුවෙන් එහි අවට සිටින ජනතාව අවධානයෙන් පසු විය යුතු බවයි.