පළාත් පාලන සංශෝධන ගැසට් පත්‍රය රාජ්‍ය මුද්‍රණාලයට

පළාත් පාලන මැතිවරණ සංශෝධන ගැසට් පත්‍රය රාජ්‍ය මුද්‍රණාලයට

by Staff writer 01-01-2025 | 2:20 PM

COLOMBO (News1st) - පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීම සඳහා රාජ්‍ය මුද්‍රණාලය වෙත යොමු කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එය අද (01) දිනයේ බොහෝදුරට ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

ඉන් අනතුරුව සති දෙකක් තුළ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ති‌බේ.

අමාත්‍යවරයා පැවසුවේ, 2023 වසරේ ප්‍රකාශයට පත් කළ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කර නැවත කැඳවීම සඳහා මේ සංශෝධන මගින් ප්‍රතිපාදන සැලසෙන බවයි.

නවක ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමේ ප්‍රධාන අරමුණ ඇතිව මෙම සංශෝධන සිදු කළ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ, පක්ෂ නායකයින්ගේ එකඟතාව මත මෙම සංශෝධන ගෙන ඒමට පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.