කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ලසන්ත රොද්‍රිගෝ මහතා 1989 ජනවාරි 20 වැනදා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වන්නේ කැඩෙට් නිලධාරියෙකු ලෙසයි.
1990 ඔක්තෝම්බර් 5 වැනිදා දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් ඔහු, කාලතුවක්කු රෙජිමේන්තුවෙන් සක්‍රීය සේවයට එක් විය.
රොද්‍රිගෝ මහතා වොෂින්ටන් ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ප්‍රතිත්‍රස්ත සහයෝගිතා වැඩ සටහනේ උමාය මාර්ගික ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙක්.
ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ යුද්ධ හමුදාපති ධුරයට පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය.