බණ්ඩාරවෙළ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වූයේ 1989 වසරේදීයි.
නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථකව අවසන් කළ ඔහු එක්සත් රාජධානියේ ඩාට්මත් නාවික විද්‍යාපීඨයේ අන්තර්ජාතික මධ්‍ය නිලධාරී පුහුණු පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර 1991 වසරේදී උප ලුතිනන්වරයෙකු ලෙස සක්‍රීය සේවයට එක් විය.
ඕස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.
වේග ප්‍රහාරක මුර යාත්‍රා අණභාර නිලධාරී තනතුරේ සිට අධ්‍යක්‍ෂ නාවික පුහුණු, වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, උතුරු නාවික විධානයේ ආඥාපති සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ඇතුලු තනතුරු රැසක වගකීම් දරා ඇති බානගොඩ මහතා 2024 අගෝස්තු මස 16 වැනි දා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්විය.
ඔහු අද රාජකාරී ආරම්භ කළේ මෙරට 26 වැනි නාවික හමුදාපතිවරයා ලෙසයි.