වැඩබලන දකුණු කොරියානු ජනපති ගත් තීරණය

සමස්ත ගුවන් සේවා පද්ධතියම පූර්ණ පරීක්ෂණයකට ලක්කරන්න, ද.කොරියා වැඩබලන ජනපතිගෙන් නිලධාරීන්ට නියෝග..

by Staff writer 30-12-2024 | 4:44 PM

COLOMBO (News 1st) - දකුණු කොරියානු සමස්ත  ගුවන් සේවා පද්ධතියේ පරිපූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස එරට වැඩබලන ජනාධිපති චෝයි සැන්ග්-මොක් නියෝග කර තිබේ.

වැඩබලන ජනාධිපතිවරයා විසින් අනතුර පිළිබද ‍විමර්ශන සිදු කරන නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ, විපතට පත් පුද්ගලයින් පිළිබඳ තොරතුරු ඔවුන්ගේ පවුල් වෙත කඩිනමින් දැනුම් දෙන ලෙසයි.

දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපොළේදී  ගුවන් යානය අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 179 දෙනෙකු මියගියේ ය.

අනතුරින් දිවි බේරුණේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුගේ පමණයි.

දකුණු කොරියාවේ ජේජු එයාර් සමාගමට අයත් බෝයිං 737 වර්ගයේ 7C2216 මගී ගුවන් යානය එලෙස අනතුරට ලක්විය.

ඊයේ (29) අලුයම ගුවන් යානය ගමන් ආරම්භ කළේ, තායිලන්තයේ බැංකොක් නුවර සිටයි.

ඒ,මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06  දෙනෙකු සමගයි.