රජය ඇණවුම් කළ පළමු සහල් තොගය දිවයිනට ළඟා වෙයි...

රජය ඇණවුම් කළ පළමු සහල් තොගය දිවයිනට ළඟා වෙයි - රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව

by Staff writer 29-12-2024 | 12:17 PM

COLOMBO (News 1st) - රජය ඇණවුම් කළ පළමු සහල් තොගය, ඊයේ (28)  දිවයිනට ළඟා වූ බව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සහල් මෙට්‍රික් ටොන් 780 ක තොගයක් එලෙස දිවයිනට ළඟාවූ බවයි.

එම සහල් තොග සතොස හරහා බෙදා හැරීමට නියමිතව තිබේ.

සහල් ආනයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර දී ඇත්තේ, ලබන 3 වැනිදා දක්වා පමණයි.

ඉන් අනතුරුව සහල් ආනයනය කරන්නන්ට එරෙහිව දඩ පනවන බව, සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර ආනයනික සහල් මෙට්‍රික් ටොන් 75,000 ක් ඊයේ වන විට රේගුව හරහා නිශ්කාශනය කර ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, කැකුලු සහල් මෙට්‍රික් ටොන් 32,000 ක්, ඒ අතර වන බවයි.

එලෙස ගෙන්වා ඇති නාඩු සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 43,000 ක්.