විදුලි සැර වැදී තිදෙනෙකු මරුට..

නොරොච්චෝලේ විදුලි බලාගාරය ආශ්‍රිත ඉදිකිරීමක් අතරතුර විදුලි සැර වැදී තිදෙනෙකු මරුට..

by Staff writer 29-12-2024 | 9:42 PM

 COLOMBO (News 1st) –නොරොච්චෝලේ විදුලි බලාගාරය පරිශ්‍රයේ පවතින ගොඩනැගිල්ලක සිටි පුද්ගලයින් තුන්දෙනෙකු විදුලි සැර වැදීමෙන් මිය ගොස් තිබේ. 

පොලීසිය සඳහන් කළේ, ඉදිරිකිරීම් කටයුත්තක නිරතව සිටි පිරිසකට එලෙස විදුලි සැර වැදී ඇති බවයි.

ඔවුන් සිටි යකඩ පලංචියට විදුලි සැර වැදී ඇති අතර එම ස්ථානයේදීම ඔවුන් මිය ගොස් තිබේ.

මිය ගිය අයගේ සිරුරු පුත්තල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය