විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජෙජු එයාර් සමාගමට අයත් ගුවන් යානය ගොඩබැස්වීමට යාමේදී ධාවන පථයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුර සිදුව ඇති බවයි.
මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු රැගත් එම ගුවන් යානය ගමන් ආරම්භ කර තිබුණේ, තායිලන්තයේ බැංකොක් නුවරින් ය.
කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු අනතුරින් දිවි බේරාගෙන තිබුණි.
අනතුරට හේතුව, යානය ගොඩබස්වන විට පැවති අයහපත් කාලගුණය හෝ කුරුල්ලන් යානයේ ගැටීමක් විය හැකි බවට සැක පළ කරයි.