විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජෙජු එයාර් සමාගමට අයත් ගුවන් යානය ගොඩ බැස්වීමට යාමේදී, ධාවන පථයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුර සිදුව ඇති බවයි.
මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු රැගත් එම ගුවන් යානය ගමන් ආරම්භ කර තිබුණේ, තායිලන්තයේ බැංකොක් නුවරින්.
පිරිමි පුද්ගලයෙකු, කාන්තාවක සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු අනතුරින් දිවි බේරා ගැනීමට සමත් වී තිබේ.
අනතුරට හේතුව, යානය ගොඩබස්වන විට පැවති අයහපත් කාලගුණය හෝ කුරුල්ලන් යානයේ ගැටීමක් විය හැකි බවට සැක පළවේ.
මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයින්ගේ පවුල්වලට ශෝකය පළ කරන බව දකුණු කොරියානු වැඩබලන ජනාධිපතිවරයා පැවසුවේ ය.
ඒ, අනතුර සිදුවූ ස්ථානයට පැමිණ අදහස් දක්වමිනි.
මෙම ගුවන් අනතුර දකුණු කොරියානු ඉතිහාසයේ සිදූවූ දරුණුතම ගුවන් අනතුර ලෙස ඉතිහාසයට වේ.
මීට පෙර 2002 වසරේ දී එයාර් චයිනා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 129 දෙනෙකු මිය ගියේ ය.