නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකාව තීරණය කළේ, පළමුව පන්දු රැකීමටයි.
නවසීලන්ත පළමු කඩුලු 5 ලකුණු 65ක් තුළ බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
නමුත් කඩාවැටුණු නවසීලන්ත ඉනිම ශක්තිමත් කළ මයිකල් බ්‍රේස්වෙල් සහ ඩැරිල් මිචෙල් හයවැනි කඩුල්ලට එක් කළ සබඳතාවය ලකුණු 105ක්.
ඔවුන් දෙදෙනාම අර්ධ ශතක රැස් කළහ.
නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 172ක්.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සමග කුසල් මෙන්ඩිස්.
නවසීලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව ප්‍රතිචාර දැක්වූ ආරම්භක පිතිකරු යුගළය ලකුණු 121ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය.
මෙම සබඳතාවය වාර්තා අතරට එක්වූයේ, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගළයක් විස්සයි විස්ස තරගයක ගොඩනැගූ දෙවැනි හොඳම සබඳතාවය ලෙසයි.
කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් රැස් කළේ ය.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 90ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමගින්.
ඔවුන් දෙදෙනා හැර අන් කිසිඳු ශ්‍රී ලංකා පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකිවූයේ නොහැකි විය.
නවසීලන්ත පන්දු යවන්නන්ගේ පාලනයට නතුවූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 20 තුළ සටහන් වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 164ක් ලෙසයි.