ශ්‍රී ලංකාවේ පළමු දුම්රිය ගමනට අදට වසර 160 ක්

ශ්‍රී ලංකාවේ පළමු දුම්රිය ගමනට අදට වසර 160 ක්

by Staff writer 27-12-2024 | 2:45 PM

COLOMBO (News 1st) –මෙරට ප්‍රථම දුම්රිය ගමනට අදට වසර 160 ක් සපිරෙයි.

1864 වසරේ  අද වැනි දිනක කොළඹ කොටුවේ සිට අඹේපුස්ස දක්වා දුම්රියක් ධාවනය කෙරුනේ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවයක් ඇති කරමින් ය.

ඉන් වසරක් ඇවෑමෙන් එනම් 1865 වසරේ සාමාන්‍ය මගී ප්‍රවාහනය සඳහා අඹේපුස්ස දක්වා දුම්රිය මාර්ගය විවෘත කෙරිණ.

එය සමරමින් කොළඹ සිට අඹේපුස්ස දක්වා නිළධාරින් පිරිසක් දුම්රියෙන් අද පෙරවරුවේ ගමන් කළේ ය.

පළමු දුම්රිය ගමන සමරමින් පස්වරුවේ ශ්‍රි මහා බෝධිය අභියසදී අගමික වතාවත් ද සංවිධාන කර තිබේ.