ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ තිබී ධීවරයින් පිරිසක් ඊයේ(26) මෙම ටාර්ගට් ඩ්‍රෝන යානය සොයා ගෙන තිබුණි.
පසුව එය ගොඩබිමට රැගෙනවිත් පොලීසියට භාරදී තිබූ අතර මේ වනවිට එය ඇත්තේ ගුවන් හමුදාව භාරයේය.
ධීවරයින් සොයාගත් යානයේ සඳහන් වන ආකාරයට එය ඇනඩ්රෝන් නමැති ඉන්දීය සමාගමකින් නිෂ්පාදනය කරන ෂික්රා වර්ගයේ ටාර්ගට් ඩ්‍රෝන යානයකි.
ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ මෙම ටාර්ගට් ඩ්‍රෝන යානා නිෂ්පාදනය කෙරන අතර අදාළ සමාගම ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ බලපත්‍රලාභී සමාගමකි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට එරට නාවික හමුදාව පසුගිය මාර්තු මාසයේදී ෂික්රා වර්ගයේ ඩ්‍රෝන යානා 100ක් මිලදී ගෙන තිබුණි.
ඔවුන් මෙය යොදා ගන්නේ බරපතළ පුහුණු අභ්‍යාසවලදී ගුවන් ආරක්ෂණ හැකියාව වර්ධනය කර ගැනීම සඳහායි.
පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඉන්දීය ධීවරයින්ද මෙවැනි ටාර්ගට් ඩ්‍රෝන යානා කිහිපයක් මුහුදේ තිබී සොයා ගෙන තිබුණි.
2020 වසරේ මෙවැනි යානයක් හමුවී තිබුනේ Anadrone සමාගම පිහිටි ඔඩිස්සා ප්‍රාන්තයට සමීප මුහුදේදීයි.
පසුගිය මාර්තු මාසයේදීත්
ඔඩිස්සා ප්‍රාන්තයේ පූරි ප්‍රදේශයට සමිප මුහුදේ තිබී Anadrone සමාගමට අයත් ටාර්ගට් ඩ්‍රෝන යානයක් ඉන්දීය ධීවරයින්ට හමුවිය .