COLOMBO (News 1st) –පසුගිය නොවැම්බර් මස ඇති වූ ගංවතුරෙන් හානි වූ ගොවිබිම් අක්කර 80,000කට ආසන්න ප්රමාණයක් මේ වනවිට හඳුනාගෙන ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසන්නේ පොළොන්නරුව, වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්රික්කවල වගා හානි පරීක්ෂාව මේ වනවිට අවසන් කර ඇති බවයි
එම දිස්ත්රික්කවල අවසන් වාර්තා ලද පසුව වන්දි ගෙවීම් කරන බව මෙම නිවේදනයේ සඳහන් ය.
මීට අමතරව මඩකලපුව, අම්පාර හා ත්රිකුණාමලය දිස්ත්රිකවල වගා හානි පරීක්ෂාව අනිද්දා වනවිටත්, අනුරාධපුරය, කුරුණෑගල, මාතලේ යන දිස්ත්රික්කවල වගා හානි පරීක්ෂාව දෙසැම්බර් මස 30 වනවිටත් අවසන් කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ප්රකාශ කළේ ය.
ගංවතුර තත්ත්වය හේතුවෙන් හානි සිදු වූ වගාවන් පරීක්ෂාකිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෙන් හා ගොවි සංවිධානවල සහභාගීත්වයෙන් සිදුකෙරෙන බව එම නිවේදනයේ දැක්වෙයි.