පොලීසිය සඳහන් කළේ, තිරුක්කෝවිල් මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී 17 හැවිදිරි දරුවාගේ මළ සිරුර හමු වූ බවයි.
තිරුක්කෝවිල් සංගමන්නකන්ද මුහුදේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනෙකු ඊයේ(25) පස්වරුවේ දියේ ගිලි අතුරුදන් විය.
ඔවුන් බේරා ගැනීමට ගිය පුද්ගලයෙකු ද දියේ ගිලි අතුරුදන් වූ අතර ඔහු 38 හැවිදිරි සංගමන්නකන්ද ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
දියේ ගිලි අතුරුදන් වූ එම පුද්ගලයා සහ 15 හැවිදිරි තවත් දරුවෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
නාවික හමුදාව, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
මේ අතර හික්කඩුව, දොඩන්දුව, ප්‍රදේශයේ මුහුදේ නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලි මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, 57 හැවිදිරි ඉන්දීය ජාතිකයෙකු එලෙස මිය ගොස් ඇති බවයි.
ඔහු, විදේශිය කාන්තාවක් සමග ඊයේ(25) පස්වරුවේ මුහුටදේ දිය නාමින් සිටියදී දියේ ගිලි ඇත.
ප්‍රදේශවාසින් එක්ව ඔවුන් බේරා ගෙන ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළත් පිරිමි පුද්ගලයාගේ දිවි බේරා ගැනීමට හැකිවී නොමැත.