'ජාතික සුරක්ෂිතතා දිනය' අදයි

ආපදා නිසා මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන 'ජාතික සුරක්ෂිතතා දිනය' අදයි

by Staff writer 26-12-2024 | 6:54 AM

COLOMBO (News 1st) - සුනාමි ව්‍යසනයෙන් සහ මෙරට සිදු වූ විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන 'ජාතික සුරක්ෂිතතා දිනය' අදට (26) යෙදී තිබේ.

සුනාමි ව්‍යසනය සිදු වූ දින සිට සෑම වසරකම දෙසැම්බර් 26 වන දින ජාතික සැමරුම් උත්සවයක් ලෙස සිහිගැන්විය.

2012 වසරේ සිට එම දිනය ජාතික සුරක්ෂිත දිනය ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළේ ය.

මෙවර ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රෙය්දී පැවත්වීමට නියමිතයි.

උත්සවය අද පෙරවරු 9.00 සිට 11.30 දක්වා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.