විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ ගුවන් යානය මගීන් හැට දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු සිට ඇති බවයි.
ගුවන්යානය අද (25) අසර්බයිජානයේ බකූ අගනුවර සිට රුසියාව බලා පිටත්ව තිබිණි.
කෙසේ නමුත් පැවති මීදුම් සහිත කාලගුණය හමුවේ ගුවන් යානය කසක්ස්ථානයේ හදිසි ගොඩබෑමක් සිදුකිරීමට නියමිතව තිබූ බව විදෙස් වාර්තා වල සඳහන්.
යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
අනතුරින් පසු ඇතිවූ ගින්න මේ වන විට නිවා දමා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මගීන් 27 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.
මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මෙතෙක් නිශ්චිතවම වාර්තා වී නොමැත.