කොටස් මිල දර්ශක අගය ඒකක 15,000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,000 ඉක්මවා යයි..

by Staff writer 23-12-2024 | 6:07 PM

COLOMBO (News 1st) - කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,000 ඉක්මවා තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේ සිට කොටස් වෙළෙඳපොළ මෙලෙස ඉහළ යමින් පවතින අතර,  සංචාරක, බැංකු හා රක්ෂණ ක්ෂේත්‍රයේ කොටස් සඳහා ආයෝජකයින්ගේ වැඩි නැඹුරුවක් දක්නට ලැබිණි.

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පසුගිය 16 වැනිදා  කැපී පෙනෙන ලෙස ඉහළ ගියේ,  සියලු කොටස් මිල දර්ශකය එතෙක් ඉතිහාසයේ වැඩිම අගය සටහන් කරමින්.

එදින එම අගය දැක්වුණේ  14,500 දශම 4 යි 4 ක් ලෙසයි.