උත්සව සමයට කුකුළු මස් හා බිත්තර හිඟයක් නෑ

උත්සව සමයට කුකුළු මස් හා බිත්තර හිඟයක් නෑ - සමස්ත ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය

by Staff writer 23-12-2024 | 6:20 AM

COLOMBO (News 1st) –උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර හිඟයක් ඇති නොවන බව සමස්ත ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, ප්‍රමාණවත් තොග අවශ්‍යතාව මත වෙළෙඳපොළට නිකුත් කරමින් පවතින බවයි.

ශීතකල කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් දහසට අඩුවෙන් මිලදී ගත හැකි බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, බිත්තරයක් රුපියල් 31ත්, 33ත් අතර මිලක පවතින බවයි.