විදෙස් මාධ්‍ය වාර්තා කළේ යේමනයේ සානා අගනුවර හූති කැරලිකරුවන්ගේ මිසයිල ගබඩාවක් සහ අණදෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි.
රතු මුහුදට ඉහළින් දියත් කළ හූති ඩ්‍රෝන යානා කිහිපයක් ද, අමෙරිකානු හමුදා වෙඩි තබා බිම හෙළා ඇත.
අමෙරිකාව එම ප්‍රහාර එල්ල කර ඇත්තේ, රතු මුහුදේ යාත්‍රා කරන සිය නෞකා ඉලක්ක කර හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙසයි.
මේ අතර හූති කැරලිකරුවන් ඊයේ (21) ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර උද්‍යානයකට මිසයිල ප්‍රහාර දියත් කළේ ය.
ඒ, හයිපොසොනික් බැලැස්ටික් මිසයිල ද, භාවිත කරමිනි.