මෙරට නෝර්වේ තානාපති සහ අගමැති හරිනි අතර හමුවක්....

මෙරට නෝර්වේ තානාපති සහ අගමැති හරිනි අතර හමුවක්....

by Staff writer 22-12-2024 | 12:56 PM

COLOMBO (News 1st) - මෙරට නෝර්වේ තානාපති මේ එලින් ස්ටෙනර් මහත්මිය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයී.

දිළිඳුකම පිටුදැකීම, සමාජ ආරක්ෂණ පියවර, පුනර්ජනනීය බලශක්ති සහ රැකියා උත්පාදන යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුව තිබිණි.

ඵලදායී සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා පාලන ක්‍රමය ඩිජිටල් කිරීමේ ආණ්ඩුවේ අඛණ්ඩ උත්සහය පිළිබඳව ද, අග්‍රාමාත්‍යවරිය එහිදී තානාපතිනිය දැනුවත් කළේ ය.