COLOMBO (News 1st)–
වසරේ ගතවූ කාලය තුල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබේ.පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පුද්ගලයින් 44 දනෙකු තුවාල ලබා ඇත බවයි.
මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තාවී ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 98 කි.
ආසන්නතම සිදුවීම වාර්තා වුණේ, ගාල්ල දඩල්ල ප්‍රදේශයෙන් ය.
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් 34 හැවිරිදි ඔහුගේ බිරිඳ තුවාල ලැබුවේ ය.
ඔවුන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර තිබුණි.
මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර එළැඹෙන උත්සව සමයේ ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 40,000කට අධික සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේ ය.