COLOMBO (News 1st)–
Sea of Sri Lanka හෙවත් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වන සියළු නෞකා පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා කඩිනමින් කමිටුවක් පත් කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා අද පැවසූවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය නිල සංචාරය සම්බන්ධයෙන් දැනුවත් කරන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.
ඉන්දීය සංචාරය අතරතුර අත්සන් කරන ලද ගිවිසුම් ඇතුළු එකඟතා පිළිබඳ මෙම මාධ්‍ය හමුවේදී දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් සිදු විය.