මියන්මාර හමුදා පාලනය බිඳී වැටෙමින් ඇතැයි අනාවරණයක්

මියන්මාර හමුදා පාලනය බිඳී වැටෙමින් ඇතැයි අනාවරණයක්...

by Staff writer 20-12-2024 | 9:16 PM

COLOMBO (News1st) - කැරළි කණ්ඩායම් ක්‍රියාකාරකම් හමුවේ මියන්මාර හමුදා පාලනය බිඳී යමින් පවතින බව BBC පුවත් සේවය වාර්තා කරයි.

BBC පුවත් සේවය වාර්තා කළේ, මේ වනවිට මියන්මාර හමුදා පාලනයේ එරට භූමි ප්‍රමාණයෙන් හතරෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් පමණක් බවයි.

පසුගිය මාස 12 තුළ මියන්මාරයේ සැලකිය යුතු භූමි ප්‍රමාණයක් කැරළිකාර කණ්ඩායම් විසින් අත්පත් කරගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2021 පෙබරවාරි මාසයේ දී හමුදා කුමන්ත්‍රණයකින් මියන්මාරයේ බලය අල්ලා ගත් දා සිට කැරළිකාර කණ්ඩායම් ක්‍රියාකාරකම් වාර්තා වන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ එතැන් සිට 20,000කට වැඩි පිරිසක් සිරභාරයේ සිටින අතර දහස් ගණනක් මියගොස් ඇති බවයි.

එමෙන්ම මියන්මාරයේ රොහින්යාවරු ඉලක්ක කරගෙන දියත්වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වෙනත්  මුහුදෙන් මෙන්ම ගොඩබිමින්ද කලක සිට විශාල පිරිසක් පළා යනු ඇත.

ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා වැසියන් මුහුණ පා සිටින අවාසනාවන්ත ඉරණම ලොව වේගයෙන්ම වර්ධනය වන සරණාගත අර්බුදය ලෙස සැලකේ.

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ වධ හිංසා හමුවේ අසල්වැසි රටවල් වෙත පළා ගොස් ඇති රෝහින්ග්‍යා වැසියන් සංඛ්‍යාව මිලියනයකට අධිකයි.