අද(20) දිනය නිමාවේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 156.4.4 කින් ඉහළ ගියේ ය.
ඒ අනුව දර්ශක අගය දැක්වුණේ ඒකක 14,810.7ක් ලෙසයි.
පසුගිය නොවැම්බර් මස 26 වැනි දා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ මෙලෙස අඛණ්ඩව ඉහළ යමින් තිබේ.
වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගතකරණය අවසන් අදියරට පැමිණීම, සංචාරක කාර්මාන්තයේ පිබිදීම, වාහන වෙළඳපොළ යළි විවෘත වීම වැනි කරුණු ගණනාවක් හේතුවෙන් ආයෝජන විස්වාසය ඉහළයාම තුළ මෙලෙස වර්ධනයක් දැකිය හැකි බවයි.