COLOMBO (News 1st)–
ආනයනික සහල් ද සතොස හරහා අලෙවි කිරීම ආරම්භ කර තිබේ.ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, සහල් මෙට්රික් ටොන් 1500 ක් ඒ සඳහා මිලදී ගත් බවයි.
අදාළ සහල් තොග සතොස අලෙවි සැල් හරහා බෙදා හැරීමට පියවර ගෙන තිබේ.
මේ අතර, දේශීය සහල් ද සතොස අලෙවි සැල් හරහා පාලන මිල යටතේ අඛන්ඩව බෙදා හරින බව ඔහු ප්රකාශ කළේ ය.