COLOMBO (News 1st)–
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන වල සවිස්තර වාර්තාවක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දුන්නේ ය.ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඉමේෂා මුතුමාල මහත්මිය විසින් ය.
සිද්ධිය පිළිබඳ සවිස්තර විමර්ශන වාර්තාවක්, අද පෙරවරු 9 ට පෙර ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය, ඊයේ කළ නියෝගයට අනූව එය භාර දී තිබේ.
පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් විභාගය, ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කළේ ය.
එහි තීන්දුව, ලබන 31 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.