ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, තම සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා අධිකරණයට නොපැමිණි බවයි.
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නඩුව කැඳවූ අවස්ථාවේ අද අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ.
නඩුවේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විත්තිකාර හිමි නමට වරෙන්තු නිකුත් කරමින් නඩු තීන්දුවේ ප්‍රකාශය ලබා දීම ජනවාරි මස 09 වැනිදා තෙක් කල් තැබුවේ ය.