COLOMBO (News 1st) - ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම පිළිබඳව චීන රජයට සිය කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උපසභාපතිනි කිං බොයොං මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (18) පසුවරුවේ හමු වූ අවස්ථාවේදීය.
චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමග ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කිං බොයොං මහත්මිය මෙහිදී සඳහන් කළාය.
ජනාධිපති අනුර කුමාර දිසානායන මහතා කිං බොයොං මහ්මියට පවසා ඇත්තේ, මෙරට ආපදා තත්ත්වයන්වලදී ආධාර ලබාදීම මෙන්ම පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම පිළිබඳව ස්තූතිවන්ත වන බවයි.
ඉදිරියටත් චීනයේ සහය අවශ්‍ය බව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
අතරමග නතර වී තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ චීනයට අයත් කොටස අවසන් කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, කොළඹ වරාය නගරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කෙරෙන සැපයුම් මධ්‍යස්ථානය සහ ආයතනික ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙන්ම විවිධ හේතූන් මත අතරමග නතර වී තිබෙන සමුද්‍රීය පර්යේෂණ කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මෙහිදී උපසභාපතිනිය ජනාධිපතිවරයාට පවසා තිබේ.
මීට අමතරව, හම්බන්තොට ආයෝජන කලාපය ආශ්‍රිතව චීන සමාගම් ස්ථාපිත කරමින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවට වඩා හොඳ ප්‍රවේශයක් සලසා දීමට අපේක්ෂා කරන බව ද ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.