COLOMBO (News 1st) - රජය ඇණවුම් කළ සහල් තොග මෙරටට ගෙන ඒම ප්‍රමාද කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
ඒ, පෞද්ගලික ආනයනකරුවන් ඇණවුම් කළ සහල් තොග මෙරටට ගෙන ඒම සඳහා ප්‍රමුඛතාව දීම සඳහාය.
මේ වනවිට මෙට්‍රික්ටොන් 5200ක සහල් ඇණවුමක් මෙරටට ගෙන්වීම සඳහා සූදානම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, තවත් සහල් ටෙන්ඩර් 2ක් විවෘත කර ඇති බවයි.
ඉන් මෙරටට ආනයනයට අපේක්ෂිත සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 26000කි.
හෙට (19) දිනයේ ද තවත් සහල් මෙට්‍රික්ටොන් 20800ක් ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවන බව ඔහු ප්‍රකාශ කළේ ය.
සභාපතිවරයා පැවසුවේ, ලබන 20 වැනි දායින් පසු ඇණවුම් කළ සහල් ආනයනට පියවර ගන්නා බවයි.