COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අහෝසි කිරීමේ නීති සංශෝධන නීතිපතිවරයා වෙත යොමු කළ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය මහචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේ, අදාළ සංශෝධන, නීති කොටුම්පත් සම්පාදක විසින් සකස් කර අවසන් කර ඇති බවය.
ඒ අනුව නීතිපතිවරයාගේ නිර්දේශ පදනම් කර ගනිමින් එය කැබිනට් මණ්ඩලයට යොමු කරනු ඇති.
අමාත්‍යවරයා පැවසුවේ, ඉන් පසු එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
දේශපාලන පක්ෂ නායකයින්ගේ එකඟතාව මත 2023 පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය දා පියවර ගත්තේ ය.
මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේ, අදාළ සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.