මෙම පත්සම ඉදිරිපත්කර තිබෙන්නේ අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසිනි.
පෙත්සම සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිය.
පෙත්සම කැඳ වූ අවස්ථාවේ විනිසුරු මඩුල්ල නියෝග කළේ, පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 15 වනදා කැඳවන ලෙසයි.
පෙත්සමේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ඉකුත් මහ මැතිවරණයේදී නාමයෝජනා භාරදී තිබෙන්නේ රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් බවයි.
පෙත්සම්කරු පවසන්නේ රජයේ සේවයෙන් ඉවත් නොවී නාමයෝජනා භාර දීම මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි නීති විරෝධී ක්‍රියාවක් බවයි.
එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වගඋත්තරකාර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කර එම මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් ලෙස පෙත්සම මගින් ඉල්ලා සිටී.