කථානායක ඉල්ලා අස්වීමේ ගැසැට්ටුව නිකුත් කෙරේ

අශෝක රන්වල කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

by Staff writer 17-12-2024 | 8:49 AM

COLOMBO (News1st): අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධූරයෙන් ඉල්ලා අස්වූ බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ, ජනපති නියමයෙන්, ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමානායක මහතාගේ අත්සනින්.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, පසුගිය 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

මේ අතර, අශෝක රංවල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු කතානායක ධුරය සඳහා නව කථානයකවරයෙකු තෝරා පත් කරගැනිම අද සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමෙන් අනතුරුවයි.