එහිදී හෙට (17) රැස්වන පාර්ලිමේන්තු රැස්වීමට අදාළව න්‍යාය පත්‍රයේ සිදුවන සශෝධන කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත වේ.
මේ අතර, පාර්ලිමේන්තුව හෙට උදෑසන 9.30 ට රැස් වේ.
එහිදී අශෝක රංවල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු තෝරා පත් කර ගැනිමට නියමිතයි.
ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව එම කටයුත්ත සිදු වන බව, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහනධිර මහත්මිය සඳහන් කළේ ය.
ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් නියෝජ්‍ය කතානායවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති.
අනතුරුව ධුරයෙන් ඉල්ලා අස්වෙමින් අශෝක රංවල මහතා ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය සභාවට ඉදිරිපත් කිරිමට නියමිතයි.
ඊට පසු ව්‍යවස්ථානුකූලව මන්ත්‍රිවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන්, කථානායකවරයෙකු තෝරා පත් කර ගන්නා බව මහ ලේකම්වරිය සඳහන් කළා ය.