විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ගැන අදහස් ලබාගැනීම

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ගැන මහජන අදහස් ලබාගැනීම අනිද්දායින් ඇරඹේ...

by Hashini De Mel 15-12-2024 | 7:25 AM

COLOMBO (News 1st) - විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීම අනිද්දායින් (17) ආරම්භ වේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, ජනවාරි 8 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි.

2025 වසරේ මුල් මාස 6 දී විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන යා යුතු බව විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණි.

එම යෝජනාව, කොමිසමේ නිත්‍ය කාර්ය මණ්ඩලය සමාලෝචනය කිරීමෙන් අනතුරුව සකස් කළ ප්‍රතියෝජනා කෙටුම්පත, මහජන අදහස් සඳහා ප්‍රදර්ශනය කෙරේ.

ක්‍රමවේද කිහිපයක් ඔස්සේ, ජනතාවට අදහස් ඉදිරිපත් කළ හැකියි.

ඒ අනුව, [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් සහ 076 427 10 30 අංකයට WhatsApp හරහා අදහස් යොමුකිරීමේ හැකියාව පවති.

ඊට අමතරව මහජන උපයෝගීතා කොමිසමට පැමිණ හෝ පළාත් මට්ටමින් වෙන්කර ඇති ස්ථානවලදී අදහස් ඉදිරිපත් කළ හැකිය.