COLOMBO (News 1st) - ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (15) අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පද්ධතිය සෙමින් වර්ධනය වෙමින්, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති.
ඉදිරි දින දෙකේදී එය දිවයිනේ උතුරට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමට නියමිතය.
එම පද්ධතිය සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන පිළිබඳ අවදානයෙන් පසු වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, උතුරු - නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙයි.
මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවල ද රාත්‍රීයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
මේ අතර දිස්ත්‍රික්ක 4කට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
බදුල්ල, මහනුවර, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක, ඒ අතරට අයත්ය.