COLOMBO (News 1st) - ආනයනික සහල් මෙට්‍රික්ටොන් 8000කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට මුදා හැර තිබේ.
වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ, විවෘත ටෙන්ඩර් යටතේ ගෙන්වන ලද සහල් තොග එලෙස බෙදා හැර ඇති බවයි.
ආනයනය කරන සියලු සහල් තොග නිසි පරීක්ෂාවට ලක් කරන්නැයි සියලු අංශ වෙත දැනුම්දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ, ආනයනකරුවෙකු විසින් ගෙන්වන ලද බහාලුම් 75ක් අතුරින් 3ක තිබී ප්‍රමිතියෙන් තොර සහල් තොග සොයාගත් බවය.
ඒවා කඩිනමින් ප්‍රතිඅපනයනය කරනු ඇති.
මේ අතර ලබන 20 වැනි දායින් පසු ලක් සතොස සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා සහල් ආනයනය කරන බව ද වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ ය.