පොලීසිය පැවසුවේ 58 හැවිදිරි අදාළ පුද්ගලයා අතුරුදන්ව ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව කල විමර්ශනයේදි එම තොරතුරු අනාවරණයවී ඇති බවයි.
එහිදි හෙළිවී ඇත්තේ අදාළ පුද්ගලයා සතුන් දඩයම් කිරිම සඳහා ඇඳ තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මියගොස් ඇති බවයි.
එම විදුලි රැහැන් ඇඳ තිබු පුද්ගලයින් දෙදෙනෙකු ඔහුගේ සිරුර වැසිකිළි වලකට දමා ඇති බව පර්යේෂණවලදි හෙළි වී තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සතුන් දඩයමේ නිරත 35 සහ 46 හැවිදිරි පුද්ගලයින් දෙදෙනෙකි.
මේ අතර රුවන්වැල්ල, මොරලිය ප්රදේශයේදි තියුණු ආයුධයකින් පහරදි 41 හැවිදිරි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රුවන්වැල්ල මොරලිය ප්රදේශයේ පුද්ගලයෙකි.
සැකකරුන් මෙතෙක් අනාවරණයවී නොමැති බව පොලිසිය සඳහන් කළේ ය