එම කොමිසම සඳහන් කළේ, හඳුනාගත් වාහන සම්බන්ධයෙන් නිත්‍යානුකුලව කටයුතු කරමින් පවතින බවයි.
එවැනි වාහන විමර්ශන සඳහා භාරයට ගෙන වැඩිදුර විමර්ශන කර අයවිය යුතු රේගු බදු හා වෙනත් ගාස්තු අයකර ගැනීම සඳහා රේගුවට භාර දුන් බව ද අල්ලස් කොමිසම සඳහන් කළේ ය.
එම කොමිසම දැනුම් දෙන්නේ නිර්ව්‍යාජ ගැණුම්කරුවෙකු වාහනයක් මිලදී ගැනීමට පෙර, එම වාහනය සඳහා නිසි පරිදි ආනයනික තීරුබදු හා වෙනත් ගාස්තු ගෙවා ඇති බවට තහවුරු කරගැනීම සඳහ මාර්ගගතව දැනගැනීමට සුදුසු මාර්ගගත ප්‍රවේශයක් සකස් කරන මෙන් රේගුව වෙත මාර්ගොපදේශ ලබාදුන් බවයි.
ඊට ප්‍රතිචාර ලෙස රේගුව මාර්ගගත ද්වාරයක් හඳුන්වා දී තිබේ.
එමගින් කිසියම් තැනැත්තෙකු විසින් මිලදී ගැනීමට අපේක්ෂා කරන වාහනය ලංකාවට නිත්‍යානුකුලව ආනයනය කර නිසි පරිදි බදු ගෙවන ලද්දක් දැයි දැනගැනීමට අවස්ථාව හිමිවනු ඇති.
ඒ අනුව, www.services.customs.gov.lk/vehicles යන වෙබ් අඩවියට පිවිස අදාල තොරතුරු ලබාදීමෙන් තීරුබදු ගෙවා ආයනය කරන ලද වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකියි.