ජනාධිපතිවරයා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු සිදු කරන පළමු විදෙස් සංචාරය මෙයයි.
ඉන්දීය ජනාධිපතිනියගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට(15) සිට (17) වැනිදා දක්වා මෙම සංචාරයේ නිරත වනු ඇති.
මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපතිනිය, අග්‍රමාත්‍යවරයා ඇතුළු ඉන්දීය සම්භාවනීය අමුත්තන් සමග අනෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට සහ ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.