ඒ, ජනාධිපති ලේකම්වරයා විසිනි.
අශෝක රංවල මහතා නිවේනදනයක් නිකුත් කරමින් ඊයේ (13) පැවසුවේ, තමන් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙන බවයි.
මේ අතර, අශෝක රංවල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා ලබන 17 වැනිදා මන්ත්‍රිවරයෙකු තෝරා පත් කර ගන්නා බව පාර්ලිමේන්තුව පවසයි.
පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහනධිර මහත්මිය සඳහන් කළේ, ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව එම කටයුත්ත සිදුවන බවයි.
ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇත.
අනතුරුව ධුරයෙන් ඉල්ලා අස්වෙමින් අශෝක රංවල මහතා ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය සභාවට ඉදිරිපත් කිරීමට නියමිතවේ.
ඊට පසු ව්‍යවස්ථානුකූලව මන්ත්‍රිවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන්, කතානායකවරයෙකු තෝරා පත් කර ගන්නා බව මහ ලේකම්වරිය සඳහන් කළේ ය.
ලබන 17 සහ 18 යන දින දෙකෙදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වේ.