බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සඳහන් කළේ එහි ධාරිතාව මෙගාවොට් 120 ක් බවයි.
ඉන්දීය බලශක්ති අධිකාරිය සහ විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක වනු ඇති.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසු ඒ සඳහා අත්සන් කරන බව ද මහාචාර්ය උදයංග හේමපාල මහතා සදහන් කළේ ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට(15) සිට ලබන 17 වැනිදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත විමට නියමිතයි.
ඒ, ඉන්දීය ජනාධිපතිනියගෙන් ලැබුණු ආරාධනාවකට අනුවයි.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදු කරන පළමු විදෙස් සංචාරය මෙය වේ.