අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවිය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 14-12-2024 | 2:25 PM

COLOMBO (News1st) - බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පළාත් වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද(14) දිනයේ මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත් වලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

මේ අතර දිස්ත්‍රික්ක 02ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ හපුතලේ , ඇල්ල , පස්සර හා හැලි ඇල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වලටයි.

මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.