COLOMBO (News 1st) - පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු නැවත පරීක්ෂා කොට යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ සඳහන්ව තිබූ ආචාර්ය නාමය සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය මේ බව සඳහන් කළේ ය.
අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබා දුන් තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බව අදාළ නිවේදනයේ දැක්වේ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය තුළ අමාත්‍යවරයාගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් සඳහන් වීම තොරතුරු ඇතුළත් කිරීමේ දී සිදු වූ අතපසුවීමක් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
එම අතපසුවීම නිවැරදි කර ඇති බවත්, ඒ තුළින් හර්ෂණ නානායක්කාර මහතාට සිදු වූ අපහසුතාවයට කණගාටුව පළ කර බවත් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසීය.